Gossips

කන්ටේනර් අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප)

පුත්තලම, හලාවත මාර්ගයේ මංගළඑළිය ප්‍රදේශයේදී අද (22) දුම්කොල නැටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු සහ රිය සහායකවරයායි.
රෝහලට ඇතුළත් කළ රිය සහායකවරයාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
කටුනායක නයිකන්දේ සිට පුත්තලම පාලාවිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් කරා දුම්කොළ නැටි තොගය රැගෙන යමින් සිටියදීයි මේ අනතුර සිදුව ඇත්තේ.
අනතුරට ලක්වන අවස්ථාවේ කන්ටේනරයේ තුළ දුම්කොල නැටි කිලෝ ග්‍රෑම් 10,600 ක ප්‍රමාණයක් අසුරා තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.
රේගු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ මෙම දුම්කොල නැටි තොගය පුත්තලමට ප්‍රවාහනය කර ඇති බවත්,ඒවා පුත්තලමේ පිහිටි කාර්මාන්ත ශාලාවක අධි උදුනකදී පුළුස්සා විනාශ කිරීමට නියමිතව තිබී ඇත්තේ.
කන්ටේනර් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුව බව මුලික පොලීස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.
මුන්දලම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – ජූඩ් සමන්ත )