Gossips

කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට

පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ – කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහු කොටහේන පොලීසියට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක්, කඩුවක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
43 හැවිරිදි අදාළ සැකකරු කොටහේන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.