Gossips

කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා මුහුද රළුවෙයි

කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.
මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.