Gossips

කන්කසන්තුරේට කර්මාන්ත කලාපයක්

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ අක්කර 100 ක භූමි ප්‍රමාණය තුළ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම භූමිය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට ලබාදීමට නියමිත අතර ඊට රුපියල් මිලියන 998 ක මුදලක් ආයෝජනය කිරීමටයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ.