Gossips

කනත්ත හාරා වැලි ගොඩ දැමූ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේ (ඡායාරූප)

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ සුසාන භූමියක් හාරා වැලි ගොඩදැමීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සමඟ වැලි කැනීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක් සහ ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ටිපර් රථයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
පොලිසිය පැවසුවේ සැකකරුවන් දින ගණනාවක් අදාළ කනත්ත සීමාවේ වැලි ගොඩදැමීම හේතුවෙන් කනත්ත තුළ මිහිදන් කළ මළ සිරුරුවල අස්ථි කොටස් රැසක්ද මතුවි ඇති බවයි.
යාපනය, වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ