Gossips

කනගරායන්කුලම්හීදි කේරළ ගංජා කිලෝ 13 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනයේ සිට පුත්තලම බලා කැබ් රථයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 13 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද අලුයම වව්නියාව – කනගරායන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම ගංජා තොගය ලබාගෙන බෙදාහැරීමට රැගෙන යන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු අද වව්නියාව මහේ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.