පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල ප්‍රදේශයේදී පාපැදියකින් යමින් සිටි පාසල් සිසුවෙකු ලොරියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අනතුරින් පසු ලොරිය පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ කදුරුවෙල ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි කරුවෙක්.
ඔහු මිතුරෙකුගේ නිවසට ගොස් පාඩම් කර පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි ද අප වාර්තාකරු කියාසිටියා.
අද අලුයම අනතුර සිදුව ඇති අතර පළාගිය ලොරි රථය සොයා කදුරුවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම අනතුර මාර්ගයේ සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනා.
