Gossips

කථිකාචාර්යවරයෙකු පැදවූ ජීප් රථයක ගැටී කාන්තාවක් මරුට

මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රි රෝද රථයක,යතුරු පැදියක සහ මාර්ගයේ ගමන් කළ කාන්තාවක ගැටී සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් කළ කාන්තාවක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්.
ඊයේ (01) රාත්‍රියේ මේ අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන මොහොතේ මෙම සුඛෝපභෝගී ජීප් රථය පදවා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයෙකු විසින්.
එම අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බවට මුලික වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
කථීකාචාර්යවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහරගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.