Gossips

කථානායක ස්ථාවරය පැහැදිළි කළ යුතුයි – හිටපු ජනපති

ජනතාව ප්‍රතික්ෂේප කළද අග්‍රාමාත්‍යවරයා තවමත් ධුරයේ රැදි සිටින්නේ බල තණ්හාව නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි රජමල්වත්ත – විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.
ජාතික ආණ්ඩුව සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිය ස්ථාවරය කථානායකවරයා ප්‍රකාශයට පත් කළ යුතු බවද එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.