ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම, විපක්ෂය ලෙස පිළිගැනීමට කථානායකවරයා සූදානම් නොමැති නම්, කථානායකවරයා පිළිනොගෙන සිටීමට තමන්ට සිදුවන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව සඳහන් කළා.
