කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා.
එම පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්ද එම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය පිළිගත නොහැකි බවයි.
