Gossips

කථානායක දේශපාලන නියෝජිතයින් කැදවයි

පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා කථානායක කරු ජයසූරිය දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැදවා තිබෙනවා.
අද (30) පෙරවරු 11ට පමණ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කැදවන ලෙසට මැති ඇමතිවරුන් 129 දෙනෙකු ඉල්ලීම් කර තිබෙනවා.
නොවැම්බර් 5 වනදා පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව තිබූ අතර එය නොවැම්බර් මස 16 වන දා දක්වා කල් තැබීමටයි ජනාධිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබුවේ.