ජනාධිපතිවරයා වහා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර නොගන්නේ නම් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේදී අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
