Gossips

කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කථානායක කරූ ජයසූරිය විසින් අද 11.30ට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
මේ අතර මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වය සහ ගුටිබැට හුවමාරුව සමග ඊයේ කල් දැමුණු පාර්ලිමේන්තුව අද (16) පස්වරු 1 යි 30 ට යළි රැස්වනවා.
ඒ ඊයේ (15) දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ රැස්වීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ඒ පිළිබද විශ්වාසයක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඊට අදාළව ඡන්ද විමසීමක් ද අවශ්‍ය බව සදහන් කරමින්.
එහිදී කතානායකවරයා ඒ පිලිබද තීන්දුව සභාවෙන් විමසා සිටියා.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය අවසන් වුණේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින්.
පසුව කතානායකවරයා අසුනෙන් ඉවත්ව ගොස් පක්ෂ නායක රැස්වීමක් කැදවූ අතර එහිදී පළමුව ලබන 21 වනදා පාර්ලිමේන්තුව කැදවීමට තීරණය කෙරුණා.
එහෙත්, යළි පක්ෂ නායකයන් රැස්වී අද පස්වරු 1 යි 30 ට පාර්ලිමේන්තුව කැදවීමට තීරණය කළා.