Gossips

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා – ජනපති

කථානායක කරූ ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් මණ්ඩලය නීති විරෝධී බවට මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා ජනාධිපතිවරයාට යොමුකර ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමිනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර ඇත්තේ.
මේ ඒ සම්බන්ධයෙන් අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන ඔස්සේ ගෙන ආ වාර්තාව.