Gossips

කථානායකවරයාට විරෝධය දක්වමින් අදත් විරෝධතා

කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ මහමැතිවරණයක් ඉල්ලමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා.
බලංගොඩ, හිරියාල, මාතර, අනුරාධපුර, හිඟුරක්ගොඩ, කුරුවිට, කොත්මලේ සහ කුරුණෑගල යන ප්‍රදේශවල මහමැතිවරණයක් ඉල්ලමින් අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
එමෙන්ම මීගමුව, යාපනය සහ තිරප්පනේ යන ප්‍රදේශවල ද විරෝධතා සංවිධාන කර තිබුණේ කථානායකවරයාට විරෝධය පළ කරමින් සහ මහමැතිවරණයක් ඉල්ලමින්.