විධායකය ගත් තීරණය ගැන නීතිපතිවරයාගෙන් විමසන්න කථානායකවරයාට නොහැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ කථානායකවරයා ව්‍යවස්ථාදායකය පිළිබඳව නීතිමය කරුණු පමණක් නීතිපතිවරයාගෙන් විමසිය යුතු බවයි.
එමෙන්ම ඔහු UNP යේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.