කථානායක කරූ ජයසූරියට ඉදිරියේදී නීතිමය තත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ප්‍රකාශ කළා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත වනු ඇති බවයි.
