Gossips

කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

කථානායක කරූ ජයසූරියට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
පෙත්සම්කරු කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවකදී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතුවලට බලපෑමක් ඇති කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවටයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/3 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට කථානායකවරයාට එරෙහිව පියවර ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නම් කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 13 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වනදා සිට පාර්ලිමේන්තුව කැදවීටම කථානාකවරයා කටයුතු කර තිබුණු බවයි පෙත්සම්කරු කියා සිටියේ.