Gossips

කථානායකට එරෙහිව, වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

කථානායකවරයා හැන්සාඩ් වාර්තාවක් කූඨ ලෙස සකස් කිරිම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා.
පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ හෑන්සාඩ් වාර්තාව කථානායකවරයා කූඨ ලෙස සකස් කර ඇති බවට ඊයේ (27) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ප්‍රකාශ කළේ.
එසේම පසුගිය 14,15,16,19,21 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොවු බැවින් අදාළ හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් කථානායකවරයාට ඊයේ (27) දැනුම් දුන්නා.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු පිරිසක් කථානායකවරයා වෙත යැවු අදාළ ලිපියේ දැක්වෙන්නේ එම පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවරය නියෝගවලට සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුව නොමැති බවටයි.
පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍ර‍්‍රකාශ කළේ් ඒ් සම්බන්ධයෙන් දිවුුරුම් ප්‍ර‍්‍රකාශ මඟින් අධිකරණයට කරුණුු වාර්තා කිිරිමට කටයුුතු කරන බවයිි.