කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ආණ්ඩුව පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ ඊට අමතරව කථානායකවරයාගේ පක්ෂග්රාහී නීත්‍යානුකූල නොවන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුම්වත් කිරිමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
කථානායකවරයාට එරෙහිව ජාතික වශයෙන් පවත්වන විරෝධතා ව්‍යාපාර ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යෑමට රජය ලෙස කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.