කථානායක කරූ ජයසුරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හා වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවත්වුණා.
වත්තල නගරයේදී අද (22) පැවති විරෝධතා පාගමනකට එක්වු පිරිස් ප්‍රකාශ කළේ කථානායකවරයා ස්වාධීන කටයුතු නොකරන බවයි.
දෙහිඅත්තකණ්ඩිය නගරයේදී ද අද පෙරවරුවේ කථානායකවරයාට විරෝධය පළකරමින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.
මේ අතර කඩිනමින් මහා මැතිවරණයක් කැඳවන ලෙස බලකරමින් අත්සන් දස ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීමක් ද පිටකොටුවේදී ඊයේ (21) සිදු කෙරුණේ කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය මූලිකත්වයෙන්.