Gossips

කථානායකගේ තීරණය ගැන සාකච්ඡා කරන්න, ඒකාබද්ධය රැස්වේ

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබානොදීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා එදිනට මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි.
වත්මන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට ව්‍යවස්ථානුකූළව සහ සම්ප්‍රදානුකූලව තමන්ට හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගෙන් අත්සනින් යුතුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස පසුගියදා කරනු ලැබූ ඉල්ලීම පිළිබඳව මතය ප්‍රකාශ කරමින්.
පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්, විද්වත් අදහස් මෙන්ම අනෙකුත් රටවල පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැඹුරින් අධ්‍යයනය කරමින් මෙම තීරණය ගත් බවයි කතානායකවරයා එහිදී සඳහන් කළේ.