Gossips

කතානායක පොලිස් ආරක්ෂාව යටතේ සභා ගැබට

පාර්ලිමේන්තුව ලබන සඳුදා පස්වරු 1 දක්වා කල් තබනු ලැබුවා.
ඒ කතානායක කරු ජයසුරිය විසින්.
කතානායකවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණෙනු ලැබුවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු සභා ගර්භයේ තවදුරටත් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් විරෝධතාවයේ නිරතවනවා.
මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.