පාර්ලිමේන්තුවේ ඇති වූ අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුතු කතානායකවරයා වහා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.
මේ අතර, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සමාජ ජාල ඔස්සේ එල්ල වන චෝදනාවකට කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහු කියා සිටියේ මෙමගින් විපක්ෂයේ දේශපාලන බංකොලොත් බව පෙන්නුම් කරන බවයි.