Gossips

කතානායක, අගමැති ඇතුළු එජාප ප්‍රබලයන් මැදමුලනට

දේශපාලනයේ පස මිතුරන් එකට මුණ ගැසුණු මොහොතක් අද තංගල්ලේදී දක්නට ලැබුණා.
ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයේදීයි.
රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වූ ටට්යානා ලී ජයරත්න අතර මෙම විවාහය සිදුවුණේ වීරකැටිය – කාල්ටන් විවෘත පරිශ්‍රයේදීයී.
දේශපාලන ක්ෂේත්‍රය තුළ පස මිතුරන් මෙම විවාහ මංගල උත්සවයේදී එකිනෙකා හා සුහදව සතුටු සාමිචියේ යෙදීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටද විවාහ මංගල උත්සවය සඳහා ආරාධනා ලැබී තිබුණා.
ඊට අමතරව කතානායක කරූ ජයසූරිය, මංගල සමරවීර, කබීර් හෂීම්, සාගල රත්නායක ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් රැසක් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ද විවාහ උත්සවයට සහභාගි වී සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල සංචාරයක් සඳහා විදෙස්ගතව සිටින බැවින් ඊට සහභාගි නොවුණත් මීට පෙර, මනාල යුවල හමුවී ඔවුන්ට සුභාශිංසන එක් කර තිබුණා.