Gossips

කතානායකවරයා ස්වාධීන නොවුනු නිසා පාර්ලිමේන්තුව විසිරවූ බව ආණ්ඩුව කියයි

කතානායකවරයා ස්වාධීනව කටයුතු නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් මෙහිදී ප්‍රකාශ කළේ පවතින ගැටලූකාරි තත්ත්වයට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් බවයි.