Gossips

කතානායකවරයා ගැන පාර්ශව රැසක් ප්‍රශ්න කරයි

විදේශීය න්‍යාය පත්‍රවලට හසු නොවී වගකීමෙන් හා මධ්‍යස්ථව ක්‍රියා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතු බව කැළණිය විද්‍යාලංකාර පරිවේණාධිපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර, කතානායක කරූ ජයසූරියගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටලූ මතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝග වල නොමැති නව ක්‍රියා පිළිවෙතක් කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට හදුන්වා දිමට සුදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පැවරි ඇති බලතල ඉක්මවා යමින් කථානායකවරයා ක්‍රියා කරමින් සිටින බවයි කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.