Gossips

කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට අවවාදයක්

කතානායක කරූ ජයසූරිය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදීම අවවාදයක් ලබා දී තිබෙනවා.
ඒ අද සිට අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙන බැවින් විවාදයට එක්වන මන්ත්‍රීවරුන් සිය අසුන් වල සිට කටයුතු කරන ලෙසටයි.
පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරුන් සිය අසුන්වල නොසිට විවාදවලට එක්වීම පිළිබඳව වාර්තා වී ඇති අතර එය සැලකිල්ලට ගනිමිනුයි කතානායකවරයා මෙලෙස මන්ත්‍රීවරුන්ට අවවාද කර ඇත්තේ.
ජනාධිපති, අගමැති ඇතුළු වැය ශීර්ෂ 25ක් සම්බන්ධයෙන් අද කාරක සභා විවාදය පැවැත්වෙනවා.