Politics Sri Lanka

කත්මන්ඩු ගුවන්තොටුපොලට යානයක් කඩාවැටීමෙන් 40ක් මරුට

කත්මන්ඩු ගුවන්තොටුපොලට යානයක් කඩාවැටීමෙන් 40ක් මරුට

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් එහි ගමන්ගත් මගීන් සහ සේවකයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එහි මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

මෙම ගුවන් යානයේ ගමන්කළ මගීන් අතුරින් 23 දෙනෙකු පමණ දිවි ගලවාගෙන ඇතැයි මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම යානය බංග්ලාදේශ ගුවන් සමාගමට අයත්වන BS211 දරන යානය මෙසේ අනතුරට පත්ව තිබේ.

මේ වනවිට කත්මන්ඩු ගුවන් තොටුපලේ සියලුම ගුවන්ගමන් තාවකාලිකව නවතා ඇතැයිද එම වාර්තාවල සඳහන්වෙයි.

රොයිටර් පුවත් සේවය මියගිය පිරිස 50ක් බවත් 17 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් සඳහන් කරයි. මෙම ගුවන් යානය බංග්ලාදේශයේ අගනුවර වන ධකා සිට පැමිණ ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.