Gossips

කත්මණ්ඩු ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ

නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ අද තාවකාලිකව වසා දමනු ලැබුවා.
ඒ, මැලේසියානු ගුවන් යානයක් කත්මණ්ඩු ගුවන්තොටුපලින් පිටත්වීමට සූදානම් වීමේ දී සිදුවූ අනතුරක් හේතුවෙන්.
එම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන තිබූ අතර, පැය කිහිපයක් යනතුරුම එය ධාවන පථයෙන් ඉවත් කර තිබුණේ නැහැ.
අනතුර සිදුවන විට කාර්ය මණ්ඩලයේ සහ මගීන් 139 දෙනෙකු එහි රැදී සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුව නැහැ.
මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුනු අතර කත්මන්ඩු වෙත පැමිණීමට තිබූ ගුවන්යානා රැසක් වෙනත් ගුවන්තොටුපල වෙත හරවා යැවුනා.