Gossips

කතරගම වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති නා හිමියන්ට තුවාල

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා තිබෙනවා.
නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාල ලැබූ ස්වාමීන් වහන්සේලා දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කතරගම පොලිසිය මේ පිළිබඳ විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.