කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා තිබෙනවා.
නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාල ලැබූ ස්වාමීන් වහන්සේලා දෙදෙනා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
