Gossips

කතරගම විශ්ණු දේවාලයේ ගින්නක් (ඡායාරූප)

කතරගම මහා දේවාලයට අනුබද්ධව පිහිටා ඇති විෂ්ණු දේවාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු පිටත සිට ගිනි තබාගෙන දේවාලයට ඇතුලූවීම හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.
කෙසේ නමුත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවාග ගිනි තබාගැනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කතරගම දිසා රෝහලට ඇතුලූ කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවටයි වාර්තාවන්නේ.
රන්මිනිතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ගිනි තබාගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර