Gossips

කතරගම පුද බිමේදී ගිනි තබා ගත් පුද්ගලයා,ආරූඪයකින් සිටි අයෙකු බවට හෙළිවේ

කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී ගිනි තබාගෙන ඇත්තේ ආරූඪයකින් බවට පොලීසිය පවසනවා.
ගිනි තබාගැනීමෙන් පසුව බරපතල පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 59 හැවිරිදි තිස්සමහාරාම – රන්මිනිතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ සන්ධ්‍යාවේ මියගියා.
පසුව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මියගිය පුද්ගලයා, තමන්ට ආරූඪයක් පවතින බවට අවට සිටි පිරිසට පවසමින් මෙලෙස ගිනි තබාගෙන ඇති බවටයි.
කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී ඊයේ පුද්ගලයෙකු ගිනි තබාගත් අතර පසුව ඔහු කතරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කෙරුණා.
එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මොහු ඊයේ සන්ධ්‍යාවේ මියගියේ.
මෙම ගිනි තබාගැනීම හේතුවෙන් කිරි විහාරයේ බිත්තිවලට සහ එහි ඇඳ තිබූ සිතුවම්වලටද හානි සිදුවුණා.