කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී අද (03) උදෑසන පුද්ගලයෙකු ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කතරගම දිසා රෝහලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවූනා.
මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.
අද (03) උදෑසන මෙම පුද්ගලයා දේවාල භූමියේ පිහිටි කිරි විහාරයට ඇතුළු වී හිසට පෙට්රල් වත්කරගෙන ගිනි තබාගෙන තිබෙනවා.
පසුව දේවාලයේ රැදී සිටි බැතිමතුන්, කපු මහතුන් සහ ආරක්ෂක අංශ එක්ව ගින්න මැඩ පැවැත්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම ගින්න ඇතිවීම නිසා කිරි විහාරයේ බිත්තිවලට සහ එහි ඇද තිබූ සිතුවම්වලට හානි සිදුව තිබෙනවා.
ඔහු මෙලෙස ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.