Gossips

කතරගම දී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට

කතරගම බස්නැවතුම ආසන්නයේදී පසුගිය 21 වන දා අළුයම රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කතරගම පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
මෙම පොලිස් නිලධාරියා කතරගම පිහිටි තම නිවසේ සිට තංගල්ල පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර ඉන් ඔහුගේ අතකට තුවාල සිදු වුණා.
වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවටයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාම කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.