Gossips

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්

කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මේ මස 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ දින නාහිමියන්ගේ සිරුරෙන් ගලාගිය රුධිර සාම්පල් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාවක් සහ ඩී.එන්.ඒ. වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළේ.
පසුගිය වසරේ ජූනි 12 වනදා රාත්‍රියේ කිරිවෙහෙර නාහිමියන් වෙඩි ප්‍රහාරය ලක් වුණා.