Gossips

කතරගම ඉන්ධන පිරවුම්හලකින්, භූමි තෙල් මිශ්‍ර වූ පෙට්‍රල්

කතරගම – කඳසුරිඳුගම ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කර ඇති බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍රකර ඇති බවට පාරිභෝගිකයින් පිරිසක් චෝදනා කිරීම හේතුවෙන් ඊයේ උදෑසන ඔවුන් සහ ඉන්ධන පිරවුම්හල් සේවකයින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසියට පැමිණිල්ලක්ද ලැබී ඇති අතර, ඒ හේතුවෙන් පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවීමටයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් ප්‍රකාශ කළේ.