Gossips

කතරගමින් සුනඛ මස් ජාවාරමක තොරතුරු

කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙත දඩ මස් ලබාදෙන මුවාවෙන් සුනඛ මස් ලබාදීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මීට අමතරව වස දමා රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් ද හෙළි කර ගැනීමට හම්බන්තොට වනජීවි නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වනවා.
ඊට අදාළ වැටලීම් කිහිපයක් පසුගිය දින කිහිපයේදීම සිදුකළ බවයි හම්බන්තොට වන අඩවි ආරක්ෂක නිලධාරී ඩබ්ලිව්.ඒ. ගුණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.