Gossips

කඩුවෙල සහ හෝකන්දර ගිනි ගැනීම්

කඩුවෙල නගරයේ පෞද්ගලික බැංකුවක හදිසි ගින්නක් හටගෙන තිබුණා.
පොලීසිය සදහන් කළේ බැංකුවේ පිහිටි විදුලි මීටරයට අකුණු සැර වැදීමක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගත් බවයි.
පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එය මැඩ පවත්වා තිබූ අතර ඉන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.
මේ අතර, හෝකන්දර – උතුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක ද හදිසි ගින්නක් හටගෙන තිබූ අතර පනාගොඩ යුද හමුදා කදවුරේ සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මැදිහත්ව ගින්න මැඩ පවත්වා තිබුණා.