Gossips

කඩුවෙල විශේෂ රථවාහන සැළැස්මක්

කඩුවෙල ඓතිහාසික රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හේතුවෙන් අද දහවල් 12 සිට පස්වරු 2 දක්වා කඩුවෙල නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
ඒ අනුව, කඩුවෙල සිට කොතලාවල අධිවේගී පිවිසුම දක්වා මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය සදහන් කළේ.
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.