කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම අද දිනයේ ගලවා ඉවත් කරන බැවින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරෙනවා.
ඒ හේතුවෙන් අද රාත්‍රී 7සිට හෙට උදෑසන 6 දක්වා කඩුවෙල සිට බියගමට ප්‍රවේශවන මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇති.
කෙසේ නමුත්, අධිවේගී මාර්ගය හරහා කඩුවෙල සිට බියගමට ප්‍රවේශ විය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
