කඩුවෙල සිට බියගම මාර්ගයේ කඩුවෙල පාලම අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට සිට 29 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා කාලය තුළ අදාළ මාර්ගය වසා තැබෙන බවයි.
එබැවින් විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යොදා ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.rn
