රුපියල් කෝටි 6ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල – කොතලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි සැකකරුවෙකු වන අතර, ඔහු මෙම හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
