කඩුවෙල – කොතලාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණ කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අහසට වෙඩි තබා පිරවුම්හලේ සේවකයින් බිය ගන්වා එහි තිබූ රුපියල් 30,000ක මුදල් කොල්ල කා පළා ගොස් තිබෙනවා.
