Gossips

කඩුලු රකිමින් සිටි දෝණි එක්වරම හතරෙන් මතුවූ හැටි

IPL තරඟාවලියේ ඊයේ පැවති තරඟය දිල්ලි කණ්ඩායම පරාජය කළ චෙන්නායි කණ්ඩායම කඩුලු 5 කින් තරඟයේ ජය හිමිකරගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 205ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4 කදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
එහිදී තරඟයේ වීරයා වූ දෝනි වෙත ඊයේ බොහෝ දෙනෙකුගේ සුවිශේෂ අවධානයක් යොමුවුනා.
ඒ ඔහුගේ සුවිශේෂ පන්දු රැකීම සහ සුපිරි පිතිකරණය හේතුවෙන්.
එක් අවස්ථාවකදී ඔහු සිය කඩුලු රැකීමේ ස්ථානය අමතක කරමින් උඩපන්දුවක් පසුපස හතරේ සීමාව ආසන්නයට දිව යන්නේ සියල්ලන් මවිත කරමින්.
එසේම ඔහුගේ කඩුල්ල පසුපස සුපිරි හැකියාව යලි යලිත් තහවුරු කරමින් කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූවා.
මේ අතර පන්දුවට පහරදීමේ වගකීම අමතක නොකළ දෝණි සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී පන්දු 34 කදී හයේ පහර 7 ක් සහ එක් හතරේ පහරක් සමඟ ලකුණු 70 ක් රැස්කරගත්තා.
අවසන් පන්දුවාරය වනවිට චෙන්නායි කණ්ඩායමට හිමිවූ අභියෝගය පන්දු 6 කට ලකුණු 16 ක් රැස්කිරීමයි.
එම අවස්ථාව ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් .
rnrnrnrnrn
rnrnrnrnrnrn
rnrnrnrnrnrn