Gossips

කඩුගන්නාව – බිංගෙයි පැල්මක්

කඩුගන්නාව ගල් බිංගයෙහි හට ගත් පැල්ම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්වත් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම පළාත් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිළධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අද (21) පරික්ෂණයක් සිදු කිරීමට ද නියමිතයි.
ඔවුන්ගේ නිරීක්ෂණ වලට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
කඩුගන්නාව – බිංගෙයි හි හට ගෙන ඇති පැල්ම කඩිනමින් පිළිසකර කළ යුතු බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගියදා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එහි සංවර්ධන කටයුතු සිදුකළ ද බිංගෙයි හි මෙම පැල්ම පිළිබඳව අවධානය යොමුනොකර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා.