කන්න රැස්වීම්වලින් පසු කෘෂිකර්ම කාර්යාලයට නාමලේඛනය ලබාදීමෙන් කඩිනමින් සහන මිලට පොහොර ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. හිඟයකින් තොරව පොහොර ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසා ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.
