කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (25) පස්වරුවේ තංගල්ල ප්‍රදේශයේ පැවැති උත්සව සභාවක් අමතමින්.
පළාත් පාලන මැතිවරණයෙන් මාතර නගර සභාවට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවය අද (25) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තංගල්ල කාල්ටන් නිවසේදී සිදු කෙරුණා.
